Tuesday, April 7, 2015

යහපාලන එදා වේල හොයන්න බිලියන 400 බැඳුම්කර විකුණන යෝජනාව පරාදයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රුපියල් බිලියන 400ක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 21 කින් පරාජයට පත් විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් හා විපක්‍ෂව ඡන්ද 52 ක් ලැබින.

ඒ සඳහා ඡන්දය විමසන අවස්ථාවේ අගමැති, මුදල් ඇමැති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එජාපයේ පමණක් මන්ත‍්‍රීවරු 47 ක් සිටිති. ජවිපෙද පක්‍ෂව ඡන්දය දුන්නේය.

ඡන්ද විමසීම අවසානයේ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තවේ දෙවන මහලේ සිට ‘හෙළ ජාතික අබිමානේ’ ගීතය මහ හඬින් ගයමින් පැමිනියහ.


0 comments: