Wednesday, November 12, 2014

Editorial: Common Candidate!



පොදු අපේක්‍ෂක!

මී ළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකු සොයා ගැනීම තරම් දුෂ්කර සහ කරදරකාරී දෙයක්‌ ලංකා ඉතිහාසය තුළ වාර්තා වී නැත. ස්‌වෙච්ඡාවෙන් සයනයිඩ් කන්නට කැමැති මිනිහකු මෙයට වඩා පහසුවෙන් සොයා ගත හැක. පොදු අපේක්‍ෂකත්වය ගැන ලැබෙන හැම ආරංචියක්‌ ම ඉතාම කුසීත, අලස හැඟීමක්‌ සිත තුළ ඇති කරයි. පොදු අපේක්‍ෂකයකු එන්නේ ඇයි? විධායක ජනාධිපති ධුරය අහෝසි කර දෙනු පිණිසය. මෙම සිද්ධියෙහි තිබෙන ලොකුම විහිළුව නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ලංකාවට පමණක්‌ නොව සදෙව් ලොවටත් ඇහෙන පරිදි කියාගෙන, එක්‌වරක්‌ නොව දෙවරක්‌ ම ජනාධිපති වීත් එම පොරොන්දුව ඉටු නො කළ චJද්‍රිකා කුමාරතුංග මහත්මියට ද පොදු අපේක්‍ෂක වන ලෙස විපක්‍ෂය ආරාධනා කිරීම ය. එහෙත් ඇය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත. එමගින් හැඟෙන්නේ ඇයට 'දේශපාලන ලඡ්ජා බය' තිබෙන බව ය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්‌වාමිපාදයාණන් වහන්සේ ද පොදු අපේක්‍ෂකයකු වීම පිණිස මහත් ආසාවෙන් සිටි(න) කෙනෙකි. තරගය සහ බලයට මුල් තැන දෙන ගිහියන්ට පමණක්‌ සුදුසු දේශපාලනය වැනි පරිහානිගත සාධකයක්‌ වැළඳ ගැනීමට යැමෙන් මාදුළුවාවේ සෝභිත අපේ හාමුදුරුවන් වහන්සේ සංසාරය තව තවත් දීර්ඝ කර ගන්නට උත්සාහ කරන්නේ යෑයි අප නිකමටවත් කල්පනා නො කළ යුතු ය.

එහෙත් උන්වහන්සේගේ පොදු අපේක්‍ෂකකම කවදාවත් ඉටු නොවන බව පෙනෙයි. තමන් පොදු අපේක්‍ෂක වීමට සූදානම් බව උන්වහන්සේ විසින් කටින්ම කියන ලද නමුදු උන්වහන්සේ වටා සිටින තණ්‌aහාධික දේශපාලන ගිහියන්ට ඒ තැන උන්වහන්සේට දීමට වුවමනා නැත. පොදු අපේක්‍ෂකකම කොහොම වුණත් එජාපයේ අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා ය. පොදු අපේක්‍ෂක වීමේ නිකැලැල් ආශාව කරු ජයසූරියට ඇති නමුදු කොළඹින් පිට ගම්වල වෙසෙන අය එතුමාගේ නම පවා නො දන්නා නිසා එම තැන ලබා ගැනීම දුෂ්කර ය. ඒ අතර ඉතා හොඳට සිහි බුද්ධියෙන් සිටි අර්ජුන රණතුංග ද පොදු අපේක්‍ෂක වීමට කැමැති බව පළ කෙරෙන කටකතා පැතිර යයි. ලෝක පූජිත ක්‍රිකට්‌ ක්‍රීඩකයකු සහ තඹ සල්ලියක හොරයක්‌ බොරුවක්‌ නැති යහපත් මනුස්‌සයකු වශයෙන් අර්ජුනට ලංකාවාසීන් අතර ලොකු තැනක්‌ තිබේ. පොදු අපේක්‍ෂක වීමෙන් ඔහු මේ උත්සාහ කරන්නේ ඒ තැන නැති කර ගැනීමට ය. ගිය සැරේ වූ ඇබැද්දිය මතක ඇති නම් හිටපු ජෙනරාල් සරත් පොන්සේකා පොදු අපේක්‍ෂක වීමට පවා ලංකාවේ ජීවත් වීමටවත් කැමැති නො වන බව අපට විශ්වාස ය. ඉකුත් ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ. සහ යූඑන්පීය එකතු වී ඔහු පොදු අපේක්‍ෂකයකු කර ඔහු පරාජය වන තුරු බලා සිට සකල අමාරුවක හෙළී ය. යූඑන්පිය නම් එවර ජෙනරාල්ට පරාජය වන්නට ඉඩ දී ඔහේ බලා සිටියේ ය. ජෙනරාල් පොදු අපේක්‍ෂක කිරීමට වැඩේ සෙට්‌ කළ මංගල සමරවීර ටික කලක්‌ යන තුරු ආගිය අතක්‌ පවා නැති විය. අන්තිමේදී ජෙනරාල් තනි විය. ඔහුගේ සබ්බ සකලමනාව පමණක්‌ නොව කෝට්‌ එකත් එහි තිබූ තරු ටිකත් නැති විය. මෙවැනි විපත් මිනිසුන්ට නො විය යුතු ය. ඉන් පසු ඔහුගේම දේශපාලන පක්‍ෂයේ අය එකා බැගින් ඔහු අත්හැර යන්නට පටන් ගත්හ.

මාස ගණනාවක්‌ තිස්‌සේ සියලු නාඩගම් නැටීමෙන් පසුත් මහින්ද රාජපක්‍ෂට විරුද්ධව පොදු අපේක්‍ෂකයකු සොයා ගැනීමට බැරි වීමෙන් පෙනී යන්නේ මේ රටේ විපක්‍ෂය කොතරම් දුර්වල ද යන්නය. අපට දැන ගන්නට තිබෙන පරිදි පොදු අපේක්‍ෂකකමට තමිල්නාඩුවේ ජයලලිතා හැර අන් සියලු දෙනාටම ආරාධනා කර අවසන් ය. (ජයලලිතාට තහනම් වන්නේ තමිල්නාඩුවේ ඡන්දය ඉල්ලීම පමණි) අද පොදු අපේක්‍ෂක යනු මහත් වූ විහිළු රසයක්‌ සපයන වචනයකි. බලන්නකෝ ඒකෙත් හැටි!


>> Source

0 comments: